Spread the love

වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ඊයේ රාත්‍රියේ අවස්ථා දෙකකදී ඇති වූ නොසන්සුන්තාවන් හේතුවෙන් එහි රැඳවූවන් 138 දෙනෙකු පලා ගියද මේ වනවිට එයින් රැදවියන් 129 පොලිස් අත්අඩංගුවට ගැනීමට සමත්වි ඇත.

අනෙක් රැඳවූවන් 09 දෙනා සොයා පොලිසිය හා යුධ හමුදාව මෙහෙයුම් දියත් කොට තිබේ.ඒ, පොලොන්නරුව – සෝමාවතිය මාර්ගයේ සුංගාවිල කැලෑබද ප්‍රදේශවලදී පළාගිය රැඳවූවන් අතරින් 102 දෙනෙකු පොලීසිය විසින් ඊයේ රාත්‍රියේම අත්අඩංගුවට ගනු ලැබීය.

සෝදිසි මෙහෙයුම් තවදුරටත් දියත් කෙරුණු අතර ඒ අනුව අද පෙරවරුවේ සහ දහවල් කාලයේ තවත් රැඳවූවන් 27 දෙනෙකු ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් රැඳවූවන්වන්ගෙන් 78 දෙනෙකු අද පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඔවුන් දෙසැම්බර් 22 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

එමෙන්ම හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ රැඳවූවන් 25 දෙනා හෙට දිනය දක්වා රක්ෂිත බන්ධාගාරගතකර තිබේ.