Spread the love

වැට් බද්ද ඉන්ධන මත පැනවීමත් සමග ජනවාරි මාසයේ පළවෙනිදා සිට පෙට‍්‍රල් හා ඩීසල් මිල ඉහළ යනු ඇති බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

එහි කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පෙන්වා දෙන්නේ නව බදු එකතුවීමත් සමග පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 62කින්, ඩීසල් ඩීටරයක් රුපියල් 59කින් මිල ඉහල යනු ඇති බවයි.

ඒ අනුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 400කට වැඩි මිලකටද ඩීසල් ලීටරයක් රුපියල් 400කට ආසන්න මිලකටද නියම වනු ඇති බවද හෙතෙම පැවසීය.

දැනට පවතින මිල ගණන්වලටද ඉන්ධන සඳහා බදු වර්ග හතරක් එකතු වන බවද ඉන්ධන ලීටරයක බදු පමණක් දැනටත් රුපියල් 125 කට අධික මුදලක් එකතුවන බවත් සඳහන් කළේය.

ඉන්ධන ගාස්තු ඉහල යමක් සමග ජල හා විදුලි ගාස්තු ද ඉහල යනු ඇතැයි ඔහු තවදුරටත් කියා සිටියේය.