Spread the love

ගිංගඟට බැසීම මේවන විට ඉතා අනතුරුදායක මට්ටමට පත්ව ඇතිබව ප්‍රදේශවාසී ජනතාව පවසයි. විශේෂයෙන් මාපලගම සහ බද්දේගම අතර ප්‍රදේශය දැඩි අනතුරුදායකය.

එම ප්‍රදේශයේ කිඹුලෙකු සැරි සැරීම ඊට හේතුවී තිබේ. එම කිඹුලා ජලය පානය කිරීම සදහා ගඟට බසින සතුන් පවා ඩැහැගන්නා බව ප්‍රදේශවාසී ජනතාව පවසයි.

එම කිඹුලා රාත්‍රී කාලයේ නිවාස ආශ්‍රිත ප්‍රදේශ වලට පවා පැමිණෙන බව ජනතාව සදහන් කරයි. නිවාස වල ඇතිකරන සතුන් අල්ලා ගැනීම එහි අරමුණ වී තිබේ.

මේ හේතුවෙන් සිය ජීවිත පවා දැඩි අනතුරකට ලක්ව ඇතිබව ප්‍රදේශවාසි ජනතාව පවසයි. මේ පිළිබඳව කඩිනමින් වගකිව යුතු අංශ වල අවධානය යොමුවීම ඉතා වැදගත්ය.