Spread the love

ගණ පූර්ණය නොමැතිව පාර්ලිමේන්තුව කල් තැබීම හේතුවෙන් සම්මත කර ගත නොහැකි වූ වැට් සංශෝධනය කෙටුම්පත හෙට යළිත් ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉතා වැදගත් පනත් කෙටුම්පතක් විවාද කරමින් සිටිය දී විපක්ෂය තර්කානුකූලව එය පරාජය කිරීම වෙනුවට වෙනත් ක්‍රියාමාර්ග අනුගමනය කරන බවයි.
අදාළ කෙටුම්පත පසුගිය අ⁣ගෝස්තු මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර වැට් බද්දට අදාළ වන භාණ්ඩ ලැයිස්තුව ඊට ඇතුළත් බවයි අමාත්‍යවරයා පැවසුවේ. අද දින එම ලැයිස්තුව ඉල්ලා සිටිමින් විපක්ෂය අනවශ්‍ය ගැටලුවක් නිර්මාණය කිරීමට උත්සහ කළ බව අමාත්‍යවරයා කියා සිටියේ ය.
කෙසේ වෙතත් හෙට පෙරවරුවේ අදාළ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.