Spread the love

75 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අදට (10) යෙදී තිබේ.

මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය 1948 වසරේ දෙසැම්බර් 10 වෙනිදා එක්සත් ජාතීන්ගේ මහාමන්ඩලයේදි සම්මත වීමෙන් පසුව එම දිනය ප්‍රකාශයට පත්කෙරිණි.

මෙවර එහි තේමාව වී ඇත්තේ “සියල්ලන්ටම නිදහස ,සමානාත්මතාවය සහ යුක්තිය යන්නයි”

මේ අතර මානවහිමිකම් ශේත්‍රය වෙනුවෙන් සිදුකර මෙහෙවර වෙනුවෙන් පස් වසරකට වරක් පිරිනමන එක්සත් ජාතීන්ගේ ත්‍යාගය සහ නොබෙල් සාමත්‍යගය පිරි නැමීම ද අද සිදුවෙයි.

මේ අතර මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සබදතා තවදුරටත් ශක්තිමත් කිරීමට එක්වන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති එල්.ටී.බී.දෙහිදෙනිය මහතා පැවසීය.