Spread the love

මංගලගම නුවරගල රක්ෂිතයේ චොපර්ගල ප්‍රදේශයේදී වන අලි පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇතිබව මංගලගම පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 46ක්වූ කොක්කඩිචෝලේ පණ්ටාරියාවලි ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

මෘත ශරීරය හදිසි මරණ පරීක්ෂණය සදහා අම්පාර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

මංගලගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.