Spread the love

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය අක්‍රීය වී ඇතිබව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

ඒ හේතුවෙන් තුන්වන ජනන යන්ත්‍රය පද්ධතියට එක්කිරීමට පියවර ගෙන ඇත.

එම යන්ත්‍රයේ නඩත්තු කටයුතු පසුගිය දා අවසන් කෙරිණි.

ජල විදුලි උත්පාදනය වැඩි වශයෙන් සිදුකිරීමට හැකි විම හේතුවෙන් එම යන්ත්‍රය ජාතික විදුලි පද්ධතියට එක් නොකල බව ලංකා විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් පැවසීය.

මේ අතර අද පස්වරුවේ සිදුවූ විදුලිය බිඳවැටීමෙන් පසු මෙවන විට 80%ක් නැවත සැපයුම් යථාවත් කර අවසන් බවත් ඉතිරියද ඉදිරි පැය එකහමාරක කාලය තුළ යථා තත්ත්වයට පත් කරන බවත් ලංකා විදුලි බල මණ්ඩලය කියා සිටී.