Spread the love


නිමල් රාජපක්ෂ-

උතුරු දුම්රිය මාර්ග නවීකරණ කටයුතු හේතුවෙ කොළඹ කොටුවේ සිට යාපනය සහ කන්කසන්තුරය අතර දුම්රිය සේවා මාස 6 කාලයක් තාවකාලිකව නතර කිරීමට සිදුවෙන බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.
උතුරු දුම්රිය මාර්ගයේ මහව සහ ඕමන්තේ අතර දුම්රිය මාර්ග නවීකරණ ව්‍යාපෘතියේ දෙවැනි අදියර ලෙස මහව සහ අනුරාධපුරය අතර මාර්ග නවීකරණ කටයුතු 2024.01.07 දින ආරම්භ කිරීම හේතුවෙන් ජනවාරි 07 වනදා සිට මාස 06ක කාලසීමාවක් සඳහා තාවකාලිකව මහව සහ අනුරාධපුර අතර දුම්රිය ධාවනය සිදු නොවන බව ජනතාවට දැනුම්දෙයි.

ජනවාරි 07 සිට උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු කොළඹ කොටුවේ සිට මහව දක්වා පමණක් සහ කන්කසන්තුරයේ සිට අනුරාධපුරය දක්වා පමණක් දුම්රිය ධාවනය වන බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගමනා ගමන එන්.ජේ ඉදිපොලගේ මහතා පවසයි.