Spread the love

දිවයිනේ බොහෝ පළාත්වල අද (09) පස්වරු 01.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100ක පමණ තද වැසි ඇති විය හැකි අතර, උතුර, දකුණ, බස්නාහිර සහ නැගෙනහිර යන පළාත්වල උදැසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇති විය හැකි යි.

එමෙන්ම ඌව පළාතේත්, අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම සහිත තත්ත්වයක් පැවතිය හැකියි.