Spread the love

මිහින්තලා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගන වැවේ ධම්මරතන හිමියන් ඝාතනය කිරීම සඳහා යුද හමුදා බුද්ධි අංශයේ භටයන් දෙදෙනෙකු යොදවා ඇති බව උන්වහන්සේ චෝදනා කරති.

ඉන් එක් පුද්ගලයකු මිහින්තලා පුද බිමේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවද උන්වහන්සේ කියා සිටියහ.

මිහින්තලා විහාරස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී එහිමියෝ මෙම අදහස් පළ කරන ලදී.

රටේ කියනවා එක එක කතා මාව දැනුවත් නෑ. මේ නිලධාරීන් දෙන්නා ආවේ මොකටද කියලා දන්නේ නෑ. මේ උසස් නිලධාරීන් කවුරුත් දන්නේ නෑ. එතකොට දැන් සති තුනක් වෙනවා. හැබැයි මේක නොච්චියාම කැම්ප් එකේ මේ නිලධාරියා මම උපකල්පනය කරනවා ආණ්ඩුව කරවන හෝ දේශපාලඥයින් සතුටු කරන්න මේ කටයුත්ත කරන්න සුදානම් වුණා. මොකද මෙතන පොලීසිය ඉන්නවා හැමෝම ඉන්නවා. මාව මරණවා කියලා, බෝම්බ ගහනවා කියලා මට තර්ජනය කරලා තියෙනවා. සමාජ මාධ්‍ය ජාලාවලින් එහෙම කියලා තියෙනවා. දුරකථන මඟින්, වට්ස්ඇප් මඟින් කප්පම් ඉල්ලලා තියෙනවා. සල්ලි ඉල්ලලා තියෙනවා, මරණවා කියනවා. විවිධ ස්වභාවයන්ගෙන් තියෙනවා. මාව මරන්නනේ ඕන ඇත්තේ කට්ටියට. ඇත්ත කතා කරන නිසා.

අද දවසේ මේ භූමියේ තියෙන අනහස, බලය, ශක්තිය නිසා, අපි නිවැරදි නිසා කෙසේ හෝ ආකාරයෙන් මේ සැකය ඇති වුණා. මේ හමුදාවේ භටයෝ දෙන්නෙක් ගෙනල්ලා තියාගෙන ඉන්නවා. මෙයාලා දැන් එක එක කතා කියනවා. කිසිම කෙනෙක් මේ සිද්ධිය දන්නේ නෑ. සති තුනක් වෙනවා මෙයාලා ඇවිත්. එක්කෝ මම කන එකට වහ ටිකක් දාලා දෙයි. නැත්නම් මට වෙඩි තියලා, කොයි පැත්තකින් හරි බහින්න පුළුවන් තැනකින් යන්න තමා මෙයාලා ඇවිත් තියෙන්නේ. අද රාජකාරියේ හිටිය පොලිසියේ, සිවිල් ආරක්ෂක දරුවන්ට ස්තූතිය පුදකරනවා. මැරුවට කමක් නෑ. අපි ජනතාවගේ පැත්තේ.”