කැළණිය විශ්ව විද්‍යාලයේ වසා දමා ඇති පීඨ කිහිපයක් ලබන සඳුදා (11) යළි විවෘත කරන බව විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පවසයි..
ඒ අනුව විද්‍යා පීඨය, පරිගණක තාක්ෂණ පීඨය, වාණිජ හා කළමනාකරණ පීඨය මෙලෙස ලබන සඳුදා දිනයේ විවෘත කරන බවයි සඳහන් ..
සිසුන් පිරිසක් විශ්ව විද්‍යාලයේ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු නිලධාරීන් දෙදෙනෙකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් පසුගිය 5 වනදා වෛද්‍ය පීඨය හැර අනෙකුත් පීඨ වසා දැමීමට තීරණය කර තිබිණ..