Spread the love


නිමල් රාජපක්ෂ-

යාපනයේ අර්ධද්විපයේ ගොයම් වගාවට පැතිර යන White Back Plant hopper මර්ධනය කිරීමට වහාම පියවර ගැන්නැයි කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මියට උපදෙස් දෙයි .

මෙම කෘමිහානිය වාර්තා වු සැනින් ඒ සම්බන්ධව විශේෂඥ දැනුමක් සහිත නිලධාරින් පිරිසක් එම ප්‍රදේශයට යොමු කිරීමට ද නියමිතය.

මෙම කෘමිහානිය මර්දනය සඳහා Curbix සහ Ethiprole 100 gr/ ISC නැමැති කෘමිනාශක දෙක නිර්දේශ කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්මේන්තුව පවසයි. මෙම කෘමිනාශක මෙතෙක් නිදහස් කර නැති නමුත් වහාම ඒ සඳහා නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත.