Spread the love

පෙම්වතා අතින් අතවරයට ලක් වූ පාසල් සිසුවියක් සියදිවි හානිකරගනී

තම පෙම්වතා විසින් අතවරයට ලක්වීමෙන් සිත් තැවුලට පත්ව බදුල්ල රිල්පොල ප්‍රදේශයේ පදිංචි දහසය හැවිරිදි පාසල් දැරියක් සියදිවි හානි කරගෙන මිය ගොස් ඇතැයි වාර්තා වෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ බදුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබනා දැරියක් වන අතර ඇය මියගිය දැරිය තම පෙම්වතා සමග පසුගිය 3දා ත්‍රිරෝද රථයකින් බදුල්ල රිදීපාන ප්‍රදේශයේ පිහිටි සරුංගල් කන්දට ගොස් ඇති අතර එහි දී ඇය පෙම්වතා විසින් අතවරයට ලක්ව ඇතැයි වාර්තා වෙනවා.

පසුව අදාල දැරිය සිය නිවසේ දී යම් ඖෂධ පෙති වර්ගයක් පානය කර ඇති අතර පසුව බදුල්ල මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අණතුරුව දැඩි සත්කාර ඒකකයේ දී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේ සිද්ධිය සම්බන්ධව දැරියගේ පෙම්වකා යැයි සැලකෙන බදුල්ල -සොරණාතොට පදිංචි විසි හැවිරිදි තරුණයෙකු සැක පිට පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර බදුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරති.