Spread the love

මුලතිව් අයියන්කුලම ප්‍රදේශයේදී වයස අවුරුදු 15 ක සිය දියණියව දුෂණය කළ පියෙකු අයියන්කුලම පොලීසිය විසින් ඊයේ (06) අත් අඩංගුවට ගෙන තිබෙනවා.

දියණිය මේ ගැන ඇගේ මවට සිද්ධිය සැල කිරීම නිසා කෝපයට පත් සැකකරු දියණියටද මවටද පහර දී නිවසින් පලා ගොස් තිබෙනවා.

මේ පිළිබදව මව විසින් පොලිසියට සිදුකළ පැමිණිල්ලට අනුව සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය විසින් දූෂණයට ලක් වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා මුලතිව් රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කොට තිබේ .

සැකකරුව මුලතිව් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.