Spread the love

අයවැය විවාදය අවසානයේ පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමෙන් පසු නැවත නොකැඳුවා විසුරුවා හරනු ඇතැයි සැක මතුවී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සඳහන් කරයි.

සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

නැවත විදුලි බිල ඉහළ දානවාද? අපි කියන්න කැමති සමගි බල පෙරමුණ විදිහට මේවට විරුද්ධයි. අපට නව ආදායම් මාර්ග අවශ්‍යයි. එහෙම කරන්න තියෙන්නෙ ක්‍රම දෙකයි. ආයෝජකයන් දිරිගන්වලා මෙහේ ව්‍යාපාර අවස්ථා සලසා දීමයි. ඔවුන්ට උද්ඝෝෂණය වැඩවර්ජන නැතුව නි ව්‍යාපාර කර්මාන්තය කරගෙන යාමට ඉඩදීම. තුන්වන එක අපනයන අවස්ථා පුළුල් කිරීම. එදා ප්‍රේමදාස මහතා කර්මාන්ත දා කොට කිව්වා සුද්දන්ට ජංගි මහන්න මේ ආයතන දාන්නේ කියලා, අද ඩොලර් බිලියන 13 විතර එන්නේ සුද්දන්ට ජංගි මහන ආයතනවල අපනයන ලාභය ඒ බිලියන 13 නැත්තම් වලපල්ලට ගිහින්. විජ්ජාසිංහ ඇවිත් අවුරුදු එකහමාරක් ලෝකේ වටේ ඇවිද්දා. පටන්ගත්ත දෙයකුත් නෑ. අපි කියන්න කැමති පීඩනයෙන් මිරිකී ඉන්න ජනතාව සමඟ අපි පාරට බහිනවා. එනවා ජනාධිපති මන්දිරය ඉස්සරහට. එතුමා දන්නවා අපි පාරට බැස්සොත් මොනාද කරන්න ඕන කියලා. ඒ නිසා මේ බයියෝ එක්ක ඕන මඟුලක් කරන්න, අසරණ මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා. එහෙම කරනවනම් ජනවාරි මාසයේ අපි පාරට බැහැල එලවලම තමයි, අපි නවතින්නේ.