Spread the love

විදේශගතවීමට වාර්ෂික නිවාඩු ලබා ගත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් සියයට අනූ නවයක් විදේශගත වී නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

ඔවුන් ලංකාවේ සිටිමින්ම වෙනත් රැකියා කරන බවද හෙතෙම පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

2020-2023 අතර කාලයේ තොරතුරු සොයා බැලීමෙන් මෙම තත්වය හෙලි වූ බවද පැවසූ මන්ත්‍රීවරයා එම වර්ෂය විදෙස් නිවාඩු ලබා ගත් හත් දෙනෙකු හැර වෙනත් කිසිවකු විදෙස්ගත වී නැති බවද කියා සිටියේය.

ඔහු මෙසේ කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂයට පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමිනි.

රාජ්‍ය විශ්ව විද්‍යාල හැකි තරමින් ශක්තිමත් කරනවා සේම පුද්ගලික විශ්ව විද්‍යාලද ගොඩනැගීම සඳහා කටයුතු කළ යුතු බවද හෙතෙම තවදුරටත් පැවසීය.