Spread the love

තමන්ගේ පෞද්ගලික ව්‍යාපාර සඳහා රජයේ අරමුදල් යොදාගෙන ඇති බවට විගණන වාර්තා මගින් ඔප්පු කළහොත් තමන් ඉල්ලා අස්වීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද (06) පාර්ලිමේන්තුවේදී මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමිනි.