Spread the love


නිමල් රාජපක්ෂ-

ජපන් රජයෙන් යෙන් මිලියන 49 ක වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රි ජයවර්ධනපුර රෝහල වෙත පරිත්‍යාග කළ බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි.

මෙරට බෝනොවන රෝග (NCD) පාලනය හා ඒ හේතුවෙන් සිදුවන මරණ අඩු කිරීමේ අරමුණින් ජපන් ජනතාව විසින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල වෙත යෙන් මිලියන 500 ක් වටිනා නවීන වෛද්‍ය උපකරණ ප්‍රදානය කිරීමේ වැඩසටහනෙහි පළමු අදියර වශයෙන් යෙන් මිලියන 49 ක වෛද්‍ය උපකරණ ප්‍රදානය කිරිම අද (06) ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ දී සිදු කෙරිනි.
ඒ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සහ ජපන් ජනරජයේ තානාපති H.E. Mizukoshi Hdeaki මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙම සමස්ත ප්‍රදානයන් හි පළමු අදියරට අදාලව Angio-CT යන්ත්‍රය සදහා අවශ්‍ය වන අනෙකුත් විකරණ උපකරණ (Radiology Equipment (Angio-CT Machine), ශල්‍ය උපකරණ කට්ටල (Surgical Instument set), අක්ෂි උපකරණ ( (Automated Refractomter and Three Slit Lams), දැඩි සත්කාර ඒකකයේ ඇඳන් තුනක්, ප්‍රතිසාධන ඇඳක් මෙහිදී ප්‍රදානය කෙරිනි.
ජපන් ජනරජයේ තානාපති H.E.Mizukoshi Hdeaki මහතා විසින් මහතා වෙත නිල වශයෙන් ඉහත ප්‍රදානය ලබාදීම සිදු වූ අතර, සෞඛ්‍ය අමාත්‍යතුමා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක මහතා වෙත එම ප්‍රදානය නිල වශයෙන් බාරදීම ද මෙහිදී සිදු විය.


ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල සදහා මෙම ව්‍යාපෘතිය යටතේ Angio-CT යන්ත්‍රයක් හා එම යන්ත්‍රයට අදාලවන නෙකුත් විකිරණ උපකරණ, ඒකක 15 කින් සමන්විත අතිනවීන දන්ත ශල්‍ය ඒකකයක්, අක්ෂි උපකරණ කට්ටලයක්, ශල්‍ය උපකරණ කට්ටලයක්, අක්මා බද්ධ කිරීමේ උපකරණ කට්ටලයක් ඉදිරියේ දී ලැබීමට නියමිතය.
එමෙන්ම මෙම ව්‍යාපෘතියට අදාලවන දේශීය ප්‍රතිපාදන යටතේ 2024 ජාතික අයවැය මගින් ඉදිකිරීම් ඇතුළුව නවීන හෘද කැතීටකරණ රසායනාගාරයක් සදහා, OPG (දන්ත එක්ස් කිරණ) යන්ත්‍රය මලිදී ගැනීමට, දන්ත වෛද්‍ය ඒකකය ස්ථාපනයට අදාල ප්‍රතිපාදන සදහා ද මුදල්‌ වෙන් කොට ඇත.