Spread the love


නිමල් රාජපක්ෂ-

උඩරට දුම්රිය මාර්ගයට අද සවස පස් කන්දක් කඩා වැටීම නිසා දුම්රිය ධාවනයට බාධාව ඇතිවී තිබේ.

මෙසේ පස් කන්ද කඩා වැටී ඇත්තේ අද සවස 3.55 පමණ ඔහිය හා ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතරය

.

දුම්රිය මාර්ග හා කර්මාන්ත අංශයෙ නිලධාරීන් යොදවා පස් කන්ද ඉවත් කිරීමට කඩිනමින් පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.

මේ හේතුව නිසා රාත්‍රි තැපැල් දුම්රිය අවලංගු නොකරන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.