Spread the love


නිමල් රාජපක්ෂ-

විදේශීය රටවල සිට මෙරට ට තැපැල් මගින් ප්‍රදේශ ගනනාවක පුද්ගලයින් වෙත එවා තිබු පාර්සල්තොගයක් මධ්‍ය තැපැල් හුවමාරුවේදී කළ පරික්ෂාවකදි එම පාර්සල් තුළ තිබී රුපියල් මිලියන 43 කට වැඩි වටිනාකමක් ඇති මත්ද්‍රව්‍ය තොගයක් රේගු මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අදාල පාර්සල් 25 ක්තුළ තීබී එක්ටසි නැමැති මෙතන්පිටමයින් අඩංගු මත් පෙති 2193 ක් හා kush නැමැති ගංජා විශේෂය 1740 g ක්, Amphetamine යන මත්ද්‍රව්‍ය 29g සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ,රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ මහතා පවසයි.

මෙම පාර්සල් ජර්මනිය, එංගලන්තය සිට කොළඹ,මහරගම,බත්තරමුල්ල, බොරලැස්ගමුව, පානදුර මොරටුව හා මහනුවර යන ප්‍රදේශ වල පදිංචි පුද්ගලයන් වෙත එවා තිබිණි . සොයා බැලීමේදී මේවා ව්‍යාජ ලිපිනයන් බව තහවුරු කර ගන්නා ලදී .


රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් , තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහාය ඇතිව කළ පරික්ෂාවකදි මෙම මත්ද්‍රව්‍ය තොගය සයො ගත් අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට භාරදීමට නියමිතය