Spread the love

වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීමෙ නිවේදනය තවදුරටත් බලාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ඒ අනුව මහනුවර පස්භාගේ කෝරලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට නායයෑම් රතු නිවේදන නිකුත් කර තිබේ.

රත්නපුර දිස්තික්කයේ ඇලපාත, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට අදියර 02 යටතේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ගාල්ල, කළුතර, මහනුවර,කෑගල්ල මාතර, නුවරඑලිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස කිහිපයකට අදියර 01 යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇතිබව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.