Spread the love

රිය ධාවනයේ දී වැරදි කරන රියදුරන්ගේ රියදුරු බලපත්‍රය ක්‍ෂය වීමේ ක්‍රමවේදය ඉක්මනින්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

ඒ අනුව වැඩිම වශයෙන් වැරදි කරන රියදුරන්ගේ බලපත්‍රය ඉක්මනින්ම අහෝසි වන නීතිය ක්‍රියාත්මක වනු ඇති බවද හෙතෙම පැවසීය.

රියදුරු බලපත්‍ර ලබා දීමේ පුහුණු පාසැල් වලට ද හික්මීමක් ඇති රියදුරන් බිහි කිරීම වගකීමක් බවද හෙතෙම සඳහන් කළේය.

දඹුල්ලේ දී මාධ්‍ය අමතමිනි ඒ මහතා මේ බව කියා සිටියේය.