Spread the love

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට නව තනතුරක් ලබා දීමේ සුදානමක් ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව අලුතෙන් පොලිස් කොමසාරිස් ජනරාල් ධූරයක් ඇති කොට ඒ සඳහා වික්‍රමරත්න මහතා පත් කිරීම දැනට සාකච්ඡා වෙමින් ඇත.

සිවිල් තනතුරක් ලෙස පත්කරන මෙම නව තනතුරට පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලනය අධීක්ෂණය කිරීමේ වගකීම පැවරෙනු ඇත.

මේ අතර හිටපු පොලිස්පතිවරයා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් කිරීමටද යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවද වාර්තා වෙයි.

19,797 views