Spread the love

දේශිය වෙලදපොලේ උඩරට සහ පහතරට එලවළු කිලෝවක මිල ඉහල යාම නිසා පාර්භෝගිකයන් එලවළු මිල දි ගැනිම අවම කර ඇති නිසා එලවළු වෙලදාම සිඝ්‍රයෙන් පහල බැස ඇති බව හැටන් ප්‍රදේශයේ එලවළු වෙලෙදුන් කියා සිටියි.

උඩරට සහ පහතරට ප්‍රදේශවල මේ දිනවල පවතින දැඩි අයහපත් කාලගුණයත් සමග දේශිය වෙලදපොලට ඉල්ලුමට සරිලන එලවළු සැපයුමක් නොමැති විම හමුවේ එලවළු මිල මෙසේ ඉහල ගොස් ඇති බවයි වෙලෙදුන් කියා සිටියේ.

බෝංචි කිලෝවක් රු 600/= , කැරට් කිලෝවක් රු 450/= , වම්බටු රු 300/= , තක්කාලි රු 480 /= , මාළු මිරිස් රු 700 – 800 , අමු මිරිස් රු 1500/= , නයි මිරිස් රු 2000/= , ලික්ස් රු 280/= පහතරට සැම එලවළු වර්ගයකම කිලෝවක මිල රු 400 – 500 අතර මිලකට අලෙවි කරන බවයි වෙලෙදුන් කියා සිටියේ.

එලවළු මිල අධික ලෙස ඉහල යාම නිසා දෛනික අවශ්‍යතාවයට පමණක් එලවළු ඉතා සුළු ප්‍රමාණයක් මිල දි ගන්නා බව පාරිභෝගිකයන්ද පැවසිය.