Spread the love

නිමල් රාජපක්ෂ-

අද උදෑසන දියතලාව හා හපුතලේ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් දුම්රිය ධාවනය ඇන හිට තිබිණ.

දුම්රිය මාර්ග හා කර්මාන්ත අංශයේ නිලධාරින් යුධ හමුදා නිලධාරීන්ගේ සහාය ඇතිව දැඩි පරිශ්‍රමයක් යොදා දුම්රිය ගමනාගමන කටයුතු පැය 9 ක පමණ පසුව අද සවස 3.30 ට පමණ යථාතත්වයට පත් කොට ඇතැයි දුම්රිිය දෙපර්තුමේන්තුව පවසයි.