Spread the love

මුම්බායි ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී වසර 15 ක්්‍පසුගිය 26 වැනිදාට ගතවීම නිමිත්තෙන් ප්‍රහාරයෙන් දිවි අහිමි වුවන් සිහපත් කරමින්ඉන්දියාවේ විශේෂ අනුස්මරණ සැමරුම් පැවැති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූවන් සිහිපත් කිරීමට එක්වුහ‍

එහිදී අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ඉන්දියාවට මෙම දිනය කිසිදා අමතක කළ නොහැකි බවයි.

ත්‍රස්තවාදීන් මුම්බායි නගරයම වෙව්ලා යන ලෙස කටයුතු කල නමුත් ඉන්දියාවේ ධෛර්යය නිසා එම දුෂ්කරතා ජය ගැනීමට හැකි වූ බවත් මේවනවිට ඉන්දියාව ත්‍රස්තවාදය මැඩපවත්වමින් සිටින බවත් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා ඇත.