Spread the love

ණය දෙන රටවල් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඇති කරගත් ප්‍රතිපත්තිමය ගිවිසුම හරහා දෙසැම්බර් මාසයේදී බංකොළොත්භාවයෙන් ඉවත් වීමට හැකියාව ලැබෙනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි

ඊයේ (30) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, දෙවන වාරිකය නිදහස් කර ගැනීම සඳහා විධායක මණ්ඩලයේ අනුමැතිය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම සඳහා ණය හිමි රටවල් කණ්ඩායම ප්‍රතිපත්තිමය වශයෙන් පෙරේදා (29) එකඟතාව පළකර තිබිණ.