Spread the love

දකුණු අන්දමන් මුහුදේ සහ ගිණිකොනදිග බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශවලට ඉදිරි පැය 48 තුළ යාත්‍රා නොකරන ලෙස, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දී ඇත.

ඒ අනුව ගිණිකොනදිග දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය, ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අදාළ මුහුදු ප්‍රදේශවල සිටින පිරිස්වලට, වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් කරා පැමිණෙන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.