Spread the love

2024 වසර වනවිට ලංකා ගමනා ගමන මණ්ඩලය ලාභ නොලැබුවහොත් එය ද පෞද්ගලීකරණය කිරීමට සිදුවන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය පැවසීය.

එම අවදානම මග හරවා ගැනීමට නම් ලංකා ගමනාගමන මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කළ යුතුය.

එළඹෙන වසර තුළ ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිජිටල් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයේ වංචා දූෂණ පිළිබඳ විමර්ෂණය සඳහා විශේෂ ඒකකයක් ස්ථාපිත කර ඇතිබව එම අමාත්‍යංශය සදහන් කරයි.

බස්නාහිර පළාත භාරව කටයුතු කළ පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් එම ඒකකය ස්ථාපිත කර ඇතිබව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.