Spread the love

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වූ මොහාන් සිල්වා මහතා ඕස්ට්‍රේලියාවේ සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

මේ සතියේ ඔහු මෙරටට පැමිණීමෙන් අනතුරුව ක්‍රිකට් ආයතනය හරහා මාධ්‍ය ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වෙයි.

මොහාන් ද සිල්වා මහතා ඕස්ට්‍රේලියාව සිට තමන්ට ක්‍රිකට් ආයතනය පිළිබඳව තොරතුරු රැසක් ලබාදුන් ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා කළ ප්‍රකාශය පිළිබඳව ඔහු මෙහිදී ප්‍රතිචාර දැක්වීමට නියමිත බව වාර්තා වෙයි.

පසුගිය නොවැම්බර් 04වැනි දා මොහාන් ද සිල්වා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වූ අතර ඉන් අනතුරුව ඔහු ඕස්ට්‍රේලියාව බලා ගියේය.