Spread the love

පසුගිය නියගයෙන් වගා හානිවූ වලවේ ගොවීන් සදහා වගා හානි වන්දි පිරිනැමීම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඇඹිලිපිටිය ඩී.ඒ රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරිණ.

මේ යටතේ විවිධ ගනන් යටතේ ගොවීන් එකොලොස් දහසකට වන්දි ලබාදෙන බවත් අද (26) දිනයේදී වලවේ ගොවීන් දහසකට වන්දි ලබාදීම සිදු විය.

මෙහිදී මිලියන 3284ක් තුන්දහස් දෙසිය අසූහතරක් වගාහානි වන්දි වශයෙන් වලව කලාපය වෙනුවෙන් වෙන්කර ඇත. අක්කර 15000ක් පහලොස් දහසක් වෙනුවෙන් මෙම වන්දි ලබාදීම සිදු විය.

මෙම අවස්ථාව සදහා වනජීවී අමාත්‍ය රත්නපුරදිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල යන මැති ඇමතිවරු සහභාගී විය.

මෙහිදී කතාකල අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ වන විට ‍බණ්ඩිපොහොර පොහොර මිටිය මෙම කන්නයේ සිට රුපියල් 9000ට ලබාදීමට කටයුතු කරන බව කීය.

‘ප්‍රථමයෙන් වන්දි දෙන්නේ වලවේ ගොවීන්ට. ඊට හේතුව හේ වගා හානි වලට අපිද වගකියන්න ඕන වතුර දෙන්න ප්‍රමාද උනා’

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් මෙම අවස්ථාව සංවිධානය කර තිබිණි.