Spread the love

වියාප්ත වෙමින් පවතින නව රෝගී තත්වය පිළිබඳව නිවැරදි තොරතුරු ඉදිරිපත් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය චීන රජයට දැනුම්දී ඇතිබව විදෙස් වාර්තා පවසයි.

රටපුරා වාර්තා වන සෙම්ප්‍රතිශ්‍යාව ,උණ ඇතුළු ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝගී තත්වයන් වෛරස් රැසක එකතුවක් විය හැකි බව ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය මහාචාර්ය චන්දන ජීවන්දර මහතා පැවසීය.

මෙය චීනයෙන් වාර්තා වන සෙම්ප්‍රතික්ශා තත්වයේ සම්මිශ්‍රණයක් බව පැවසීය.

කෙසේ වෙතත් චීනය තුල වියාප්තවන නියුමෝනියා තත්ත්වය මෙරට තුළ වියාප්ත වුවහොත් එය හඳුනා ගැනීම සදහා අවශ්‍ය පරීක්ෂණාගාර රටතුළ පවතියි.

එසේම වෛරසය පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරු නොමැති බව පැවසීය.

උතුරු චීනයෙන් හඳුනා නොගත් නියුමෝනියා රෝගී තත්වයක් පසුගිය 21 වනදා වාර්තා විය.

එම රෝගී තත්වය වාර්තා වූ දරුවන් ඇතුළු රෝගීන් රැසක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව එරට සෞඛ්‍ය අංශ පවසයි. එම රෝගය වැඩි වශයෙන් දරුවන් අතර වියාප්තව පවතීයි.

වියාප්ත වෙමින් පවතින නව රෝගී තත්වය පිළිබඳව නිවැරදි තොරතුරු ඉදිරිපත් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය චීන රජයට දැනුම්දී ඇතිබව විදෙස් වාර්තා පවසයි.