Spread the love

අයහපත් කාලගුණයත් සමගින් මාස දෙකක් තුළ සිදුවූ නායයෑම්වලින් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් ඇතිබව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

මරණ පහක්ම රත්නපුර ප්‍රදේශයෙන් වාර්තාවී තිබේ.

සෙසු මරණ බදුල්ල , ගාල්ල සහ මහනුවර ප්‍රදේශ වලින් වාර්තාවී තිබේ. 
එම කාලසීමාව තුළ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පරික්ෂා කර ඇති අවදානම් ස්ථාන සංඛ්‍යාව 1559 කි.
නාය යෑම් සිදුවූ ස්ථාන 131 ක් හඳුනා ගෙන තිබේ. 
කණ්ඩි කඩා වැටීම් 768 ක් සහ ගල් පෙරලීම් 88 ක් ද එහිදී හඳුනා තිබේ.
වාර්තා වූ වෙනත් සිදුවීම් ගණන 159 කි.
මේ අතර දිස්ත්‍රික් 14 ක පවුල් 14200කට අධික පිරිසක් නාය යෑමේ අධි අවදානම් කලාපවල ජීවත් වන බව, භු විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ භු විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක මහතා පැවසීය.

ඒ අතරින් පවුල් 5000 ක් පමණ සුරක්ෂිත ස්ථානවල පදිංචි කිරීමේ කටයුතු සිදු කෙරමින් පවතින බව පැවසීය.