Spread the love

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඉල් මහා පෙරහැර මංගලය අද (26) රාත්‍රී වීදි සංචාරය කිරීමට නියමිතයි.

රාත්‍රී 07.30 ට පමණ මහා දේවාලය අසලින් ආරම්භ වන පෙරහැර ඝණ දේවාලය කිරි විහාරය හා අෂ්ඨඵල බෝධි ය වටා ගමන් කිරීමෙන් පසු ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් මහා වීදියට පිවිස එම වීදිය ඔස්සේ වල්ලි අම්මා දේවාලය ට පැමිණෙයි.

එම දේවාලයේ දී පෞරාණික චාරිත්‍ර ඉටු  කිරීමෙන් පසු නැවත මහ වීථිය ඔස්සේ පැමිණෙන පෙරහැර කතරගම මහා දේවාලය ට ගෙවදීමෙන් නිමාවට පත් වේ.

උඩ රට පහත රට සබරගමුව හා රුහුණට ආවේණික නර්තන කණ්ඩායම් හා අලි ඇතුන් ගෙන් පෙරහැර විචිත්‍රවත් වෙයි.