Spread the love


නිමල් රාජපක්ෂ-

ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ කරන්දෙණිය අධ්‍යාපන කොට්ඨාශයේ ඉතා දුෂ්කර පාසලක් වු හිපන්කන්ද ප්‍රාථමික විද්‍යාලයේ ශාරීරික අවශ්‍යතා සදහා ගරා වැටුණු වැසිකිලියක් තිබීම නිසා ගුරුමණ්ඩලය දැඩි දුෂ්කර තාවයකට පත්වී ඇතැයි විදුහල්පති කමල් ශ්‍රී ලියනගේ මහතා පවසයි.

විදුහල්පතිවරයා සමගින් ගුරුමණ්ඩලයේ අටදෙනෙකු සිටියත් ගරු මහත්ම මහත්මීන් සියළු දෙනාටම (ගැහැණු පිරිමි දෙපාර්ශයටම) සිය ශාරිීරික අවශ්‍යතා ඇතිවු විට ගරාවැටුණු එකම වැසිකිලියක් භාවිතා කිරීමට සිදුවීම නිසා දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දිමට සිදුවී තිබේ.

ඉතා දුෂ්කර පාසලක් වු කරන්දෙණිය හිපන්කන්ද ප්‍රාථමික විදුහලේ ගුරුමණ්ඩලය සදහා වැසිකිලි පද්ධතියක් සකස් කර දිමට ජනාධිපතිවරයාගේ , අධ්‍යාපන ඇමතිවරයා ගේ හෝ ධානපතියකුගේ අවධානය යොමු වන්නේ නම් ඉතා අගකොට සලකන බවද විදුහල්පතිවරයා පවසයි.

ඉතා අඩු ආදායම් ලබන දෙමාපියන් ගේ දැරු දැරියන් මෙම පාසලට පැමිණෙන බැවින් දෙමාපියන්ටද මෙම කටයුත්ත සදහා දායක වීමේ ශක්තියක් නොමැති නිසා හපන්කන්ද ප්‍රාථමික පාසලට වැසිකිලි කැසිකිලි පද්ධතියක් ලබාදිමට බලධාරීන්ගේ අවධානය යොමු වන්නේ නම් විශාල පුන්‍ය කර්මයක් බවද විදුහල්පති කමල් ශ්‍රී ලියනගේ මහතා වැඩි දුරටත් පැවසුවේය.