Spread the love

ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති නව විදුලිබල පනතට විරෝධය පළ කිරීමට රටේ සියලු ජනතාව එළැඹෙන 29දා පාරට බස්සනවා යැයි ලංකා විදුලි සේවක සංගමය සඳහන් කරයි.

එහි පළමු විරෝධතාව ලක්ෂපාන බලාගාරය අසලින් ආරම්භ කරන බවත් ඊට පසුව රට පුරා විරෝධතා රැලි පවත්වන බවත් සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා සඳහන් කළේය.

මෙම පනතට විරුද්ධ නොවන කෙනෙකු සිටී නම් ඔහු අන්ධයෙකු හෝ ගොළුවකු විය යුතු බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

14,200 views