Spread the love

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එළඹ ඇති විස්තීර්ණ ණය පහසුකමට අදාළ වැඩසටහන සාර්ථකව සිදුකෙරෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට විස්තීර්ණ ණය පහසුකම යටතේ ලැබීමට ඇති දෙවන ණය වාරිකය සදහා ලබන මාසයේ අනුමැතිය හිමිවනු ඇති බවට බලාපොරොත්තු වන බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.

අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මේ බව සඳහන් කළා.