Spread the love


නිමල් රාජපක්ෂ-

ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා (පුද්ගලික) සමාගම රුපියල් මිලියන 19ක් ආයෝජනය කරමින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී පර්යන්ත ගොඩනැගිල්ලේ වහලය මත කිලෝ වොට් 100 ක වෝල්ටීයතාවයකින් සමන්විත සූර්ය බල පද්ධති නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරයි.
ඒ අනුව විදුලි උත්පාදනය දිනකට කිලෝවොට් පැය 600 ක ධාරිතාවයක්, මසකට කිලෝවොට් පැය 18,000ක් වන පරිදි මෙමඟින් ඇස්තමේන්තු කර ඇති අතර එම ජනනය කරන බලශක්තිය ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නිවාස 200ක් බල ගැන්වීමට තරම් ප්‍රමාණවත් වනු ඇත.

මෙම සූර්ය බලශක්ති ව්‍යාපෘතියේ සුවිශේෂීම කරුණ වන්නේ, සම්පූර්ණ ව්‍යාපෘතිය සැලසුම් කිරීම සහ ස්ථාපනය කිරීම ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා (පුද්ගලික) සමාගමේ, විදුලි ඉංජිනේරු අංශය ප්‍රමුඛ අනෙකූත් ඉංජිනේරු අංශ වල සේවක මණ්ඩලයෙන් විසින් පමණක් සිදු කිරීමයි. ව්‍යාපෘතියේ පිළිගෙවුම් කාලය (ඡ්හ ඊ්ජන ඡැරසදා) මාස 20 ක් පමණ වනු ඇත.

දැනට, ගුවන් තොටුපල සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) පුද්ගලික සමාගම විසින් නව එකතු කිරීමක් ඇතුළුව කිලෝවොට් 210 ක ධාරිතාවක් සහිත සූර්ය බල පද්ධතියක් ස්ථාපනය කර ඇති අතර, ලබන වසරේ තවත් කිලෝවොට් 1,800 ක ධාරිතාවක් පද්ධතියට එක් කිරීමට සැලසුම් කර ඇත. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ යනු ශ්‍රී ලංකාවේ විශාලතම විදුලි පාරිභෝජනය සිදු කෙරෙන ආයතන අතුරින් එකක් වන අතර 2024 වසර අවසන් වන විට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පුනර්ජනනීය බලශක්ති නිපැයුම එහි මුළු බලශක්ති ඒකක පරිභෝජනයෙන් 10% දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇත.