Spread the love

හාලිඇල ප්‍රදේශයේ නාය යෑමක් හේතුවෙන් නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් නිවසේ සිටි තරුණියන් බරපතල තුවාල ලබා රෝහල්ගත කිරිමේන් පසු මිය ගොස් තිබේ.

අද (22) හවස හාලිඇල ප්‍රදේශයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හාලිඇල උඩුවර 06 කනුව ප්‍රදේශයේ කැන්දගොල්ල පතන නාය යෑමකට ලක් ව ඇත.

ඒ ආශ්‍රිත නිවසක වාසය කළ තරුණියන් දෙදෙනෙකු මෙසේ නාය යෑම හේතුවෙන් අනතුරට පත් ව තිබේ.

තුවාල ලැබූ තරුණියන් දෙදෙනා, මේ වන විට බදුලු මහ රෝහලේ ප්‍රතිකාර සදහා රැගෙන ගිය අතර පසුව තරුණියන් දෙදෙනා ජීවිතක්ෂයට පත් ව ඇත.බව සඳහන්ය.