Spread the love

මාර්ග සංවර්ධන අධිකාරියේ කිසිදු සේවකයෙකුගේ රැකියා අහිමි නොවන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

ඒ අනුව අධිවේගී මාර්ගය විකිණීමක් හෝ බදු දීමක් සිදු නොකරන බවයි අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම වැඩ වර්ජනය අනිවාර්යයෙන්ම දේශපාලන ක්‍රියාමාර්ගයක් බවත් රට ඉතා අසීරුවෙන් යන අවස්ථාවක රජයට ලැබිය යුතු ආදායම් අහිමි කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.