Spread the love

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය බලංගොඩ සීලගම ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ.

ඒ බලංගොඩ සීලගම ප්‍රදේශයේ 153 වැනි කිලෝමීටර කණුව අසලින් විශාල පස් කන්දක් මාර්ගයට කඩාවැටීම හේතුවෙනි.

පොලිසිය සඳහන් කරන්නේ ප්‍රදේශයට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් මෙම නායයාම සිදුව ඇති බවයි.

බදුල්ල කොළඹ මාර්ගය ආසන්න දින කිහිපයේදී අවස්ථා කිහිපයකදීම මේ ආකාරයෙන් නායයාම් වලින් අවහිර වීම් වලට ලක් විය.