Spread the love


නිමල් රාජපක්ෂ-

උඩරට දුම්රිය මාර්ගයේ ඹහිය ඉදල්ගස්ඉන්න යන දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට පස් කන්දක් අද පෙරවරු 4 ය පමණ කඩා වැටීම හේතුවෙන් දුම්රිය ධාවනය කිරිීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී තිබේ.
මේ හේතුව නිසා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය මුළු මනින්ම මේ ව නවිට ඇනහිට තිබේ. දුම්රිය මාර්ගයට පස් කන්ද කඩා වැටී ඇතිබව දැක ඇත්තේ දුම්රිය මාර්ගය බලන සේවකයකි. ඹහු අදාල නිලධාරීන් දැනුවත් කර තිබේ.නමුත් පස්කන්ද කඩා වැටී ඇති ස්ථානයට යාමට කිසිදු මාර්ගයක් නොමැති කමින් මාර්ග හා කර්මාන්ත අංශයේ නිලධාරින් බන්ඩාරවෙල සිට දුම්රියකින්ම එම ස්ථානයට පැමිණීමට නියමිත බවද නියොජ්‍ය සමාන්‍යාධිකාර දුම්රිය ගමනා ගමන ඉදිපොලගේ මහතා පැවසුවේය.

සේවකයින් පැමිණ පස් කන්ද පැය හතරක් වැනි කාලයක් ඇතුළත ඉවත්කොට දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට නියමිතය
මේ හේතුව නිසා ඊයේ රාත්‍රි කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් බදුල්ල බලා ධාවනය වු රාත්‍රි තැපැල් දුම්රියත් , බදුල්ල දුම්රිය ස්ථානයේ අද පෙරවරු කොළඹ කොටුව බලා ධාවනය වු උඩරට මැණිකේ දුම්රිය යත් අතරමග නතර කොට ඇතැයිද ඉදිපොලගේ මහතා වැඩි දුරටත් පැවුසවේය.