Spread the love

වලත්තෑවේ රාහුල නම් භික්ෂුවක් විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින බව කියන අනුරාධපුර මාකොලගම ප්‍රදේශයේ වනාන්තර අක්කර 4500 ක ප්‍රමාණයට අදාළ කටයුතු වහාම නැවැත්වීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වනජීවී දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

අදාළ ප්‍රදේශය වටා ඉදිකර ඇති නීති විරෝධී අලි වැටවල් නිසා වන සතුන් සහ ප්‍රදේශවාසීන්ට සිදුවන හානිය අවම කිරීමටත් විදුලි අලි වැටවල් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් නියෝග කර ඇත.

මෙම නියෝගය ලබා දී ඇත්තේ පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව කිහිපයක් ගොනු කර තිබූ පෙත්සමක් සලකා බලමිනි.