Spread the love

නාගොඩ – සුමන

අයවැය දෙවන වර කියවීමට අදාළ ඡන්ද වීමසීම අද (21) පස්වරුවේ පැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය 13 වැනි දා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
ඒ අනුව අයවැය දෙවනවර කියැවීමට අදාළ ඡන්ද විමසීම අද පස්වරු 05.30ට සිදුකිරීමට නියමිතයි.
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් අයවැය පිළිබඳ තෙවනවර කියැවීමේ විවාදය ලබන 23 වැනි දා ආරම්භවීමට නියමිතයි.

තුන්වන වර කියැවීමේ විවාදය දෙසැම්බර් 13 වැනි දා දක්වා පැවැත්වෙයි.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට අදාළ ඡන්ද විමසීම දෙසැම්බර් 13 වැනි දා පස්වරු 05.30ට පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි.