Spread the love

කොස්ගොඩ සහ දොම්පේ ප්‍රදේශවල සිදු වූ ත්‍රීරෝද රථ , යතුරු පැදි වලින් සිදුවු අනතරු දෙකකින් බරපතල තුවාලු තිදෙනකු ප්‍රතිකාර සදහා රෝහල් ගත කිරිමෙන් පසු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත.

දොම්පේ දෙමාලගම, කටුලන්ද මාර්ගයේ දෙමාලගම දෙස සිට කටුලන්ද දෙසට ධාවනය කරමින් සිටි ත්‍රීරෝද රථයක් මාර්ගයේ වම්පස අයිනේ ගමන් කරමින් සිටි පදිකයෙකුගේ ගැටීමෙන් බරපතල තුවාල ලැබූ පදිකයා එම ත්‍රීරෝද රථයෙන්ම දොම්පේ රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 62 හැවිරිදි දෙමාලගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු රියදුරු ත්‍රීරෝද රථයෙන් සමග පළා ගොස් ඇති බව පොලීසිය පවසයි.

මෘත ශරීරය දොම්පේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් ත්‍රීරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා දොම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

කොස්ගොඩ ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බුද්ධගොඩට හැරෙන හන්දිය අසලදී ගාල්ලේ සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක් එකවරම මාර්ගල හරහා U හැඩයට හරවා නැවත ගාල්ල දෙසට ගමන් කිරීමට යාමේදී කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබූ එක් පැදිකරුවෙකු බෙන්තර රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ රෝහලට මාරු කර යැවූ බව පොලීසිය පවසයි.

අනෙක් යතුරුපැදියේ පැදිකරු හා පසුපැදිකරු බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.අනතුරු දෙකම ඊයේ (19) දිනයේ සිදුවී තිබිණ.

මෙලෙස මිය ගොස් ඇත්තේ 45 හැවිරිදි දියගම ගල්පාත ප්‍රදේශයේ පදිංචි කරුවෙකි

අනතුර සම්බන්ධයෙන් කොස්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.