Spread the love

අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන සහ දං‍කොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් මහ ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

මහ ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවල ඇතැම් ප්‍රදේශවලට මේ වනවිට සැළකියයුතු වර්ෂාපතනයක් ලැබී ඇති බවය.

එම වර්ෂා තත්තත්තවය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් මහ ඔය ද්‍රෝණිය තුළ නඩත්තතු කරනු ලබන ගංගා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව මෙම අනතුරු ඇඟවීම් නිවේදනය නිකුත් කර තිබේ.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩිව සැලකිළිමත්වන ලෙසට එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන්ගෙන් ඉල්ලා සිටී.