Spread the love

පොල්ගහවෙල දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබේ

.

කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ධාවනය වූ දුම්රියක් මෙලෙස පීලිපැනීමකට ලක්ව තිබේ.

මේ හේතුවෙන් කොළඹ යෑමට නියමිත නගරාන්තර දුම්රිය කිහිපයක් මහනුවර දුම්රිය ස්ථානයේ නවතා තැබීමට පියවර ගෙන ඇත.