Spread the love

ශ්‍රී ලංකාව තුළ න්‍යෂ්ටික බලාගාරයක් ඉදි කිරීමට සැලසුම් කරමින් සිටින බව ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලය සඳහන් කරයි.

2032 වසර වනවිට මෙරට අඛණ්ඩ විදුලිබල සැපයුමක් මෙමගින් අරමුණු කරන බව මණ්ඩලයේ සභාපති මහාචාර්ය එස් ආර් ඩී රෝසා මහතා පැවසීය.

ජාත්‍යන්තර පරමාණු බලශක්ති ආයතනය නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔහු මේ බව සඳහන් කළේය

කෙසේ වෙතත් දැනට පවතින නීතිය අනුව ශ්‍රී ලංකාවට නෂ්ටික බලාගාරවලින් විදුලි සැපයුම ලබා ගැනීමට නොහැකි බවත් ඒ අනුව පළමුව සිදු කළ යුත්තේ අදාළ නීතිය වෙනස් කිරීම බවත් හෙතෙම පෙන්වා දුන්නේය.