Spread the love

හැටන් සිට නාවලපිටිය දක්වා ධාවනය වු ටැක්ටර් රථයක පසුපස ටේලර් කොටස ගැලවි යාමෙන් ටේලර් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පැවසිය.

හැටන් සිට නාවලපිටිය දක්වා ගොඩනැගිලි ඉදි කිරිම් ද්‍රව්‍යයන් සහ සේවකයින් පිරිසක් රැගෙන ධාවනය කර ඇති ටැක්ටර් රථය හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ හැටන් මල්ල්අප්පුව ප්‍රදේශයේදි (18) දින පස්වරු 3.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇති බවයි පොලිසිය කියා සිටියේ.

ධාවනය වෙමින් තිබු ටැක්ටර් රථයේ ටේලරය අමුණන කොටසින් ටේලරය ගැලවි ප්‍රධාන මාර්ගය හරහා පෙරලි ඇති බවත්, ටේලරය ගැලවිම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු විනාඩි 30 ක පමණ කාලයක් එක් මංතිරුවකට සිමා කර තිබුණි.

ටැක්ටර් රථය වංගුවක් ගැනිමත් සමග ටේලරය ගැලවි මෙම අනතුර සිදු වි ඇති බවත්, තුවාල ලැබුවන් බරපතල නොවන බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ.