Spread the love

මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී යෝජනා කළේය.

මෙම පිරිස විසින් රට බංකොලොත් භාවයට පත් කිරීමට කටයුතු කළේ යැයි ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව මත මෙම පියවර ගත යුතු බවද ඔහු කියා සිටියේය.

එහි මූලික පියවර ලෙස විශේෂ ජනාධිපති කොමිසමක් පත් කල යුතු බවත් එය කල හැක්කේ ජනාධිපතිවරයාට පමණක් බවත් ඔහු පැවසීය.

පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අයවැය විවාදය අතරතුර දී මෙම යෝජනාව විපක්ෂ නායකවරයා විසින් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලදී.